ඇය නම් ඇත්තටම සුරංගනාවියක්. දරුවන් දෙදෙනෙකුගේ මවක් වුනත් තාමත් එදා පුංචි පැංචි වගේම ඉන්න ප්‍රමුදි. (PHOTOS)

Gossip Today Actors
By Sithumi May 01, 2022 06:21 PM GMT
Report

පුංචි පැන්චියන්ගේ නෙත් සිත් වසඟ කල පුංචි පැංචි වැඩසටහනේ පුංචි නිවේදිකාව තමයි ප්‍රමුදි කරුණාරත්න කියන්නේ.

පුංචි පැංචි කියන ළමා වැඩසටහන ඔස්සේ මීට වසර ගණනාවකට පෙර අපට දැකගන්නට ලැබුණු ඇය මේවෙනකොට ආදරණීය මවක්.කොහොම නමුත් ඇයට මීට වසර ගණනාවකට පෙරදී හිමිකර ගැනීමට හැකියාව ලැබුණු ජනතා ආකර්ෂණය අදටත් එලෙසමයි. ඒ කොහොම උනත් මීට දින කිහිපයකට පෙරදී මෙරට ජනයා ඇය කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමුකරනු ලැබුවා. ඒ ඇගේ 30 වෙනි උපන්දිනය මීට දින ගණනාවකට පෙරෙදී ඇය සැමරීම නිසාවෙනුයි. කොහොමහරි ඉතින් ප්‍රමුදි කියල කියන්නේ නිහතමානී චරිතයක් වීම නිසාවෙන්ම ඇයට මෙරට ජනයා වයස් භේදයකින් තොරව ආදරය කරනවා.

ඒ විතරක් නොවෙයි ඇය කුඩා කළ සිය රංගන දායකත්වය දක්වපු සරෝජා චිත්‍රපටයේ චරිතය පිළිබඳ තවමත් මෙරට ජනයා කතාබහ කරනවා. ඇත්තෙන්ම ඇය එදා වගේම අදටත් සුන්දර පෙනුමෙන් සුන්දර සිනහවෙන් කාලය ගත කරනු ලබනවාකොහොම නමුත් මේවෙනකොට දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙන ඇය සිය දරුවන් දෙදෙනා සහ ඇගේ සැමියා සමගින් සුන්දර ජීවිතයක් ගත කරනවා. ඇත්තෙන්ම ඇය සිය දරු දෙදෙනාගේ වගේම සැමියාගේ සෙනෙහසටත් මැදිව මවකගේ සහ බිරිඳගේ වගකීම් යුතුකම් මැනවින් ඉටුකරමින් ඇය ජීවිතය ගෙවනවා.

කොහොමහරි ඉතින් මේවෙද්දී ප්‍රමුදිගේ ලොකු දුව පසුවන්නේ පෙරපාසල් යන වයසෙයි.ඒ වගේම සාමාජ මාධ්‍ය තුළනම් ඇය ගැන නිරන්තරයෙන් කතා බහ කරනවා. ඒ ඇයගේ ඇති රූප සොභාවත් එක්කයි. ඉතින් හැඩට ඉන්න ප්‍රමුදි මේ වෙනවිට කලා ක්ශේෂ්ත්‍රයේ වැඩ වලටනම් සහභාගි වෙන්නේ නැහැ.ඉතින් ඒ වගේම ඇය රඟපෑ පලමු චිත්‍රපටයේ චරිතයටම අන්තර් ජාතික සම්මානයක් හිමිකරගැනීමට තරම් ඇය වාසනාවන්ත වුණා. ඉතින් එවැනි වටිනා අවස්ථාවකට හිමිකම් කියූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියලා කියන්නේ. 

ඒ තමයි ඉරාන ජාතික සම්මාන උළලේදී සරෝජා චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හොඳම ළමා රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට ඇයට වාසනාව හිමි වුණා.ඉතින් ඒත් එක්කම මේ ආදරණීය පුංචි කැදැල්ලට අපි හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery