තාත්ත සහ දුවගෙන් හිටපු ජනපති මුණුබුරාට බිත්තර,කහ සහ මිරිස් කුඩු ප්‍රහාරයක්.(PHOTOS)

Police Political Pradeep jayawardhane
By Aruna Jan 31, 2022 11:30 PM GMT
Report

කොළඹ මහා නගර සභාවේ පරිසර කමිටුවේ සභාපති ධුරය සදහා සභාපතිවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම කොළඹ මහ නගර සභාවේදී ඊයේ සිදු කෙරුණු අතර එහිදී බිත්තර සහ මිරිස් කුඩු ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

සභාපති ධුරය සදහා තරග වැදුණේ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්නයි.

එහිදී වැඩි ඡන්දයෙන් එම ධුරයට තේරි පත් වූයේ ප්‍රදීප් ජයවර්ධනයි.

එම පත් කිරීමට විරෝධය දක්වමින් සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයා පිහියක් රැගෙන ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාට පහර එල්ල කිරීම උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය වන සුරේඛා අබේගුණරත්න ද කොළම මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයක් වන අතර ඇයද ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාට බිත්තර, මිරිස් කුඩු කහ කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අනතුරුව මෙම මොවුන් දෙදෙනා අසභ්‍ය වචන භාවිත කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය එල්ල කළ බිත්තර , මිරිස් කුඩු සහ කහ කඩු ප්‍රහරයෙන් ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ කමිසයේද විසිරී තිබුණා.

මෙම සිද්ධිය පිළිබද ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයා කුරුදුවත්ත පොලිසියටද පැමිණිලි කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery