මියගිය මන්ත්‍රී අමරකීර්ති වෙනුවට නව මන්ත්‍රීවරයෙක්..!

Parliament of Sri Lanka Polonnaruwa Sri Lanka Parliament Sri Lanka Podujana Peramuna
By Sithumi May 17, 2022 11:30 AM GMT
Report

නිට්ටඹුව ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් නව මන්ත්‍රීවරයෙකු පත්කර තිබේ.

ඒ අනුව මෙලෙස පත්කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 5 වන ස්ථානයේ රැඳී සිටි ජගත් සමරවික්‍රම මහතාය.

එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now