පොහොට්ටුවේ ඇතුලු මන්ත්‍රීවරු 50 කට අධික පිරිසක් ස්වාධීන වීමට සැරසේ
ජනතාවට කන් නොදී අඛණ්ඩව බලයේ සිටීමට ආණ්ඩුව කටයුතු කළහොත් තමන් ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ආණ්ඩුව නියෝජනය කරන තවත් පක්ෂවල මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් හෙට පාර්ලිමේන්තුවේ ස්වාධීන වී ආණ්ඩුවට බහුතරය අහිමි කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මීගමුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් සමඟ අද පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍යවරයා වෙත ඊයේ භාරදුන් ලිපියට ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් අත්සන් කර නොමැති බව වාර්තාවනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ රාත්‍රී කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ හමුවක් පැවති අතර අනතුරුව පිටතට පැමිණි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ අමාත්‍ය මණ්ඩලයම අත්සන් තැබූ ඉල්ලා අස්වීමේ ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් බවයි.
කෙසේ වෙතත් මෙම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් අතර, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, සරත් වීරසේකර, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන අදාළ තීරණයට එරෙහිව අදහස් දැක්වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
එසේම අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ඩලස් අලහප්පෙරුම මෙම හමුවට එක්ව නොසිටි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ සියලු කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇති මේ අවස්ථාවේ මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියද තමා ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි.
මේ අතර විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |