සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක කතා බහකට ලක් වුන, විදුලිය විසන්ධි කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීම ගැන හරිම තීරණය මෙන්න..

Power cut Sri Lanka Sri Lanka
By krishani May 11, 2022 05:49 AM GMT
Report

ජනතාව පීඩාවට පත්වන ආකාරයේ කිසිදු විදුලි විසන්ධිවීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

එහි සභාපති අනිල් රංජිත් මහතා පැවසුවේ, පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත්කිරීමට කටයුතු නොකරන බවත් විදුලි විසන්ධි කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට කටයුතු කරන බවට සාමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ අසත්‍ය බවත් ය.

"අපි කිසිම වේලාවක ජනතාවට පීඩාවෙන පරිදි විදුලිය විසන්ධි කිරීමට කිසිදු අදහසක් නෑ.අපි සියලුදෙනාම එළියට ගියොත් අනිවාර්යයෙන්ම විදුලිය විසන්ධි වෙනවා. නමුත් එවැනි ක්‍රියාවලියක් අපි කරන්නේ නෑ. මොකද විදුලිය පවත්වාගෙන යෑම මේ අවස්ථාවේ දී හරිම වැදගත්.මොකද කිසිකෙනෙකුට ෆොන් එකක් චාජ් කර ගන්න, කතා කරන්න කිසිම දෙයක් කරන්න බැරිවෙනවා.ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මොන හේතුවක් නිසාවත් අපි විදුලිය විසන්ධි වෙන්න දෙන්නේ නෑ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join