පැය 10ක විදුලි කප්පාදුවක්..?
Power cut Sri Lanka
Sri Lanka
By krishani
ලබන සතියේ සිට පැය 10ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බවට වන පුවතක් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශ කළ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් සංසරණය වේ.
මේ පුවත පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි ප්‍රකාශ කළේ, එම පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, විදුලිබල මණ්ඩලය මගින් ඒ අයුරින් කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.
එමෙන්ම විදුලි කප්පාදුව සහ එය විසඳන ආකාරය පිළිබඳ සාකච්ඡාවක් අද (08) දින පැවැත්වීමට ද ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු යොදා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |