අද විදුලිය කපන කාල සටහන මෙන්න..උපරිම විදුලි කැපිල්ල පැය 05ක් වෙයි..

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna May 18, 2022 12:33 AM GMT
Report

අද (18) දිනයේ පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර දී තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප වලට උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා අතර පැය 1.40ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

CC කලාප වලට උදෑසන 6.00 සිට උදෑසන 9.00 අතර පැය 3ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

මීට අමතරව M,N,O,X,Y,Z කලාප වලට උදෑසන 5.00 සිට උදැසන 8.00 දක්වා පැය 3ක විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

අද විදුලිය කපන කාල සටහන පහතින් බලන්න. මේ අතර ජලපෝෂ පෝෂක ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබීමත් සමඟ උපරිම විදුලි කප්පාදුව පැය පහක් පමණක් වීමට ඉඩ ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ඉන්ධන බලාගාර වලින් දැනට ක‍්‍රියාත්මක වන්නේ සොජිස්ට් හා වෙස්ට්කෝට් බලාගාර පමණක් බව ද ඒවායෙද ඉන්ධන ප‍්‍රමාණවත් වන්නේ දින දෙක තුනකට පමණක් බවත් සංගමය කියයි.

අනෙක් සියලු තාප බලාගාර අක්‍රීය කර ඇති නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ක්‍රියාත්මක වෙමින් ඇතැදි ඔවුන් කියා සිටිති.

කෙසේ වෙතත් තාප සහ සුළං විදුලි නිෂ්පාදනය ඉහළ යාමත් සමග උපරිම විදුලි කප්පාදුව පැය 5ක් පමණ වනු ඇතැයි සංගමය තවදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery