විදුලි කප්පාදුව ගැන අනතුරුදායක ආරංචියක්...කරන්න යන දේ මෙන්න.
නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ මෙගාවොට් 270ක විදුලි ධාරිතාව නිසා ඉදිරියේදී නැවත විදුලි කප්පාදුව සිදුවන කාලය දීර්ඝ විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
පැය තුනක පමණ කාලයකට විදුලිය විසන්ධි කිරීමක් මේ දිනවල සිදුවුවත් මේ තත්ත්වය මත එම කාලය පැය පහකට පමණ දිගු විය හැකි බවයි ඔවුහු පෙන්වා දෙන්නේ.
අහිමිවන මෙගාවොට් 270 තෙල්වලින් සපුරා ගැනීම පාඩුවක් බැවින් එම ධාරිතාව ජල විදුලියෙන් ලබාගැනීමට කටයුතු කරන බව ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් කියා සිටියේය.
මේ සම්බන්ධව මහවැලි අධිකාරිය සමග සාකච්ඡා කළද ඔවුන් ඒ පිළිබඳව වැඩි කැමැත්තක් නොදැක්වූ බව ඔහු පැවසීය.
සමනල වැවෙන් සහ ලක්ෂපාන ජල විදුලි බලාගාරයෙන් මෙම අහිමි වූ ධාරිතාව ලබාගැනීමට කටයුතු කරන බව සභාපතිවරයා කියා සිටියේය.
මේ අතර ඉදිරි දින තුන සඳහාද විදුලි කප්පාදුව සිදුකරන කාල සීමාව පැය 3යි මිනිත්තු 20ක් බව ලංකා විදුලිබල මණ්ඩලය පැවැසීය.
ඒ අනුව 06 වැනිදා සිට 08 වැනිදා දක්වා විදුලි කප්පාදුව සිදුවන්නේ A සිට W දක්වා කලාප 20ටම පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 2කි.
පස්වරු කාලයේ සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයයි විනාඩි 20ක් විදුලිය කප්පාදු කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |