ගමක්ම කැළඹූ මරණයකින් කෙළෙවර වූ අයුතු යෝජනාව
Sri Lanka Police
Sri Lanka Police Investigation
Crime
Murder
By Sewvandhi
ඊයේ (12)පොතුපිටිය, රඹුක, පින්නගොඩැල්ල ප්රදේශයේ දී පොලුවලින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක රක්වාන, රඹුක ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.
අනාවරණය වී ඇත්තේ, මෙම පුද්ගලයා අසල්වැසි නිවසක සිටි කාන්තාවකට අයුතු යෝජනාවක් කිරීම හේතුවෙන් එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා සහ තවත් දෙදෙනෙකු පැමිණ පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි .
ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 28 සහ 35 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොතුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.