ලාංකිකයෙක්ට විදේශ විනිමය කොපමණ කාලයක් ළඟ තබා ගත හැකිද?
මේ දවස්වල කටහබහට ලක්වෙනවා මාතෘකාවක් තමයි "විදේශ විනිමය සන්තකයේ තබා ගැනීම " . ඊයේ ඉඳලා ඒකට සීමාවන් ද පනවනු ලැබුවා. විශේෂයෙන්ම නිත්‍යානුකුල නොවන උන්ඩියල් ක්‍රමයට විදේශ විනිමය විකිණීම හේතුවෙන්.
ඒ අනුව දැන් ශ්‍රී ලංකාවේ ජීවත් වන පුද්ගලයෙක්ට හෝ වේවා, ආයතනයකට හෝ වේවා ළඟ තබාගන්න පුළුවන් උපරිම විදෙස් මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 15,000 ක්. ඊට වැඩිය තියෙනවා නම් ඒවා බැංකුගත කිරීම සහ බැංකුවෙන් රුපියල්වලට මාරුකර ගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයා දැනුම්දීලා තියෙනවා.
විදේශ විනිමය සන්තකයේ තබා ගැනීම
- මින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයකුගෙන් ලැබුන වේතනයක් එහෙමත් නැත්නම් මුදලක් හෝ සංචාරක අරමුණු සඳහා බලයලත් ආයතනයකින් මිලදී ගත් (ඔහුගෙන් /ඇයගෙන්) පුද්ගලික විදේශ මුදල් ගිණුමෙන් (PFCA) හෝ ව්‍යාපාර විදේශ මුදල් ගිණුමෙන් (BFCA) ඉවත් කරගත් ( ලබාගත්) ඇමරිකානු ඩොලර් විදේශ මුදල් නෝට්ටු හෝ වෙනත් විදේශ මුදල්වලට සමාන මුදලක් ශ්‍රී ලංකාවේ ජීවත් වන පුද්ගලයන්ට ඕනෑම කාලයක් ළඟ තියාගන්න පුළුවන්.
- ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයෙකුට භාණ්ඩ හා සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට විදේශ මුදල් ලැබුණු විට එම මුදල් දින 7 ක් දක්වා රඳවා ගත හැකිළඟ තබා ගත හැකි අතර එම කාලය තුළ එය ව්‍යාපාර විදේශ මුදල් ගිණුමක් (BFCA) වෙත බැර කළ යුතු වෙනවා. නැත්නම් බලයලත් වෙළෙන්දෙකුට (AD) හෝ සීමිත වෙළෙන්දෙකුට (RD) විකුණා දැමිය යුතුයයි.
- ශ්‍රී ලංකාවේ අනේවාසිකයින්ට, ඔහු / ඇය විසින් ශ්‍රී ලංකාවෙන් පිටතදී උපයාගනු ලැබූ හෝ පවත්වාගෙන යනු ලැබූ විදේශ විනිමය ගිණුම් වලින් ලබාගත් විදේශ මුදල් නම්, ඔහු/ ඇය සතුව ඇති ඕනෑම විදේශ මුදල් ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ හැකියාව පවතිනවා.
විදේශ විනිමය රඳවා ගැනීමේ කාලය
- කිසියම් අරමුණක් සඳහා බලයලත් වෙළෙන්දෙකු (AD) හෝ සීමිත වෙළෙන්දෙකු (RD) වෙතින් විදේශ මුදල් ලබා ගන්නා පුද්ගලයින්ට ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය නොකර දින 90 කට වඩා වැඩි කාලයක් ළඟ තබා ගන්න බැහැ.
- ඒ වගේම ශ්‍රී ලංකාවෙන් පිටත උපයා ගත් නැවත ශ්‍රී ලංකාවට ගෙන එන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය නොකර හෝ විදේශ මුදල් ගිණුමකට බැර නොකර දින 90 කට වඩා වැඩි කාලයක් ළඟ තබා ගන්න බැහැ.