මැතිවරණයකට යා යුතුයි..! නැත්නම් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන - විපක්ෂයේ ප්‍රබලයෙකු කියන කතාව.. -

Kabir Hashim Sri Lanka Politician Sri Lanka Samagi Jana Balawegaya Sri Lankan political crisis
By Sewvandhi May 19, 2022 03:58 AM GMT
Report

පවතින ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට නම් මැතිවරණයක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. රටේ පවතින දේශපාලන අර්බුද සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ප්‍රශ්නය - අගමැතිවරයා තවමත් කැබිනට්ටුවක් පත්කර ගන්නේ නැතුව ඉන්නවා ඔබතුමන්ලාගේ සහාය ලැබෙනකල් ? 

 "සහාය දෙන්න පුළුවන් ඇමතිකම් ගන්නේ නැතුව. ඒ ගැන අපි දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා. ප්‍රශ්න විසඳන්න විපක්ෂයේ ඉඳගෙන. ඒ කාර්යය ඉටුකර ගන්න සමගි ජන බලවේගයේ සහාය ලබාදෙනවා."

ප්‍රශ්නය - ඒ කියන්නේ පොහොට්ටු ආණ්ඩුවක් හැදෙන්නේ ආය පාරක් ?

"ඒක පුදුමයක් නෙමෙයි නේ. අපි ඒක දැක්කා. මෙය පැලැස්තර ඇලවීමක් පමණයි මේ වේලාවේ. ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් එකක් ඕනේ නම් මෙහෙම කොට්ට මාරු කරලා කරන්න බෑ. ඒකට එහෙම නම් මැතිවරණයකට යන්න ඕනේ. එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේ සියලුදෙනාම ව්‍යාවස්ථාවේ විවිධ වෙනස්කම් කරන්නට එකඟ වෙන්න ඕනේ.

අපි එතැනට තමා තල්ලු කරන්නේ. 21 වන සංශෝධනය කියන්නේ, ජනාධිපතිවරයා ඒ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් පමණක් නෙමෙයි. මේ රටේ තවත් දේශපාලන සංස්කෘතියේම වෙනස්වීමක් ලෙස අපි විශ්වාස කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now