රථ වාහන රියදුරන් සම්බන්ධයෙන් පොලීසිය කරන්න යන අලුත්ම දේ මෙන්න..
සිදුවන මාරක රිය අනතුරුවලදී අනතුරට ලක්වන රථවල රියදුරන් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර පරීක්ෂා කිරීමට අදාළ මූලික සාකච්ඡා මේවනවිට ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මේ පිළිබඳව පැහැදලි කළේ මෙලෙසින්,
"මේ වනවිට මත්පැන් පමණක් නෙමෙයි විෂ මත්ද්‍රව්‍යයත් පානය කරලා රියදුරන් වාහන ධාවනය කරනවා.
ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් හඳුනාගැනීමෙන් පසුව ඒ අවශ්‍ය උපකරණ ගෙන්වලා මත්පැන් වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් ආරම්භ කරනවා.
විශේෂයෙන් මෙවැනි අය අත්අඩංගුවට පත්වුණාට පස්සේ, වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කරලා, අදාළ පරීක්ෂා කිරීම් කරලා තමා ඒ තහවුරු කරගැනීම කරන්නේ.
ඉදිරියේ දී විශේෂයෙන්ම මාර්ග රිය අනතුරක් සිදුවුණොත් ඊට අදාළ රියදුරාව වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කරලා විෂ මත්ද්‍රව්‍ය අරගෙන තියෙනවා ද කියලා බැලීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වනවිට මුලික සාකච්ඡා පවත්වනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන විසින් මේ සාකච්ඡා ආරම්භ කරලා ඉදිරියේ මේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් දැනට සාකච්ඡා කරමින් යනවා.
" පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, 2023 වසරේ ජූලි 15 වනදා වනවිට මාරක බස් අනතුරු 137ක් සිදුවී ඇති බවයි.
පසුගිය ජුලි 10වනදා වනවිට මාරක රිය අනතුරු 1,135ක් සිදුවී ඇති අතර පුද්ගලයින් 1,202ක් මිය ගොස් ඇති බව නිහාල් තල්දූව මහතා පවසා සිටියේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මීට අමතරව බරපතළ තුවාල ලැබූ අනතුරු 2,088ක් සහ සුළු තුවාල ලැබූ අනතුරු 4,450ක් ද සිදුවී ඇති බවයි.