පොලිස් කොස්තාපල් ප්‍රසිද්ධියේ සිසුවියන් දෙදෙනෙකුට නිරුවත පෙන්වයි.. සිදුවූ දේ මෙන්න

Crime Police srilanka police child harresment
By Sithumi Jan 13, 2022 05:05 PM GMT
Report

පානදුර ප්‍රසිද්ධ බාලිකා විදුහලක සිසුවියන් දෙදෙනෙකුට නිරුවත පෙන්වන ලදැයි චෝදනාව මත අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19වනදා දක්වා සැකකරුව රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත.

සැකකාර කොස්තාපල්වරයා එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබුණි. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරීවරියකගේ රියදුරු රාජකාරියේ නියුතු කොස්තාපල්වරයෙකු මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත. අදාළ සිදුවීමට මුහුණ දුන් සිසුවියන් දෙදෙනා පාසල කරා පැමිණෙමින් සිටියදී සැකකාර කොස්තාපල්වරයා මෝටර් රථයේ රියදුරු අසුනට යාබද අසුනේ සිට එම ක්‍රියාව සිදුකර තිබේ

. සිසුවියන් දෙදෙනා ඒ පිළිබඳව පන්ති භාර ගුරුතුමියට පවසා තිබුණි. ඒ අනුව සිද්ධිය විදුහල්පතිනිය වෙත දැනුම්දීමෙන් අනතුරුව පොලීසියට පැමිණිලි කර තිබේ. පසුව පානදුර දකුණ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකාර පුද්ගලයා රැඳී සිටි බව කියන ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කර ඇත.

අනතුරුව අදාළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ එය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරීවරියගේ නිල රථය බවට හඳුනාගෙන තිබේ. ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකාර කොස්තාපල්වරයා මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි විවාහකයක පුද්ගලයෙකි