අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීමට දිවයින පුරා සියලු පොලිස් ස්ථාන වලට බලය ලබාදෙයි..! නවතම නිවේදනය මෙන්න..
By Sewvandhi
අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීම ඇතුළු නීත්‍යානුකූල බලය පාවිච්චි කිරීමට සියලුම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය මගින් උපදෙස් ලබාදී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව දැනුම්දී ඇත.
කලහකාරී කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් ජීවිත හානි හෝ කොල්ලකෑම් සිදු කිරීමේ අපේක්ෂාවෙන් වාහන නවතා සිදුකරන පරීක්ෂාවන් වැළැක්වීම සඳහා ඒ අනුව උපරිම පියවර ගැනීමට පොලීසියට උපදෙස් ලබාදී ඇත.
එසේම රජයේ හෝ පෞද්ගලික දේපළවලට හානි සිදුකිරීම, කොල්ලකෑම හෝ ජීවිත හානි හෝ බරපතළ තුවාල සිදුවන අන්දමේ පහරදීම් වැළැක්වීම සඳහා උපරිම පියවර ගන්නා ලෙසද දිවයින පුරා ඇති සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
