පොලිස් නිලධාරියෙක් මීටර් 70ක් මහ පාරෙ ඇඳ ගෙන යයි..විශාල පිරිසක් එක්වී සැකකරු අල්ලා ගනී.(CCTV VIDEO)
පිටකොටුව ප්‍රධාන වීදියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පිටකොටුව පොලිසියට අනියුක්ත රථවාහන පොලිස් නිලධාරියෙක් මීටර හැත්තෑවක් පමණ යතුරු පැදියක එල්ලී ගොස් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් පිළිබඳව වාර්තා වනවා.
පිටකොටුව ප්‍රධාන වීදියේ රථවාහන නවතා තැබිය නොහැකි ස්ථානයක නවතා තිබූ යතුරු පැදියක් සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා දැඩි විමසිල්ලෙන් පසු වී තිබෙනවා.
එහි හිමිකරු පිළිබඳව ඒ අවට සිටි අයගෙන් විපරම් කළ ද ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් ඔහුට හමු වී නැහැ.
කෙසේ වෙතත් පැයකට පමණ පසුව පැමිණි යතුරු පැදියේ හිමිකරු එය පණගන්වා එම ස්ථානයෙන් පළා යාමට උත්සාහ දරා තිබෙනවා.
එම අවස්තාවේදී අදාළ පොලිස් නිලධාරියා පැමිණ ඔහු සිදු කළ වරද සම්බන්ධයෙන් රාජකාරි කටයුතු කිරීමට සූදානම් වන අවස්ථාවේ යතුරුපැදිකරු පළා යෑමට උත්සාහ දරා තිබෙනවා.
එහිදී සැකකාර යතුරුපැදිකරු අල්ලා ගැනීමට පොලිස් නිලධාරියා උත්සාහ කළ අවස්ථාවේදී ඔහු මහමඟ ඇදගෙන යමින් යතුරුපැදිය පළා යෑමටයි උත්සාහ කර ඇත්තේ.
කෙසේ වෙතත් මීටර් 70ක පමණ දුරක් පොලිස් නිලධාරියා ඇදගෙන ගිය මෙම සැකකටයුතු යතුරුපැදිය තවත් ත්‍රීරෝද රථයක ගැටී පෙරළී යනවා.
එහි දී කොටුව ප්‍රධාන වීදියේ සිටි පුද්ගලයින් පැමිණ අදාළ යතුරු පැදිකරු හට පලායාමට අවස්ථාව ලබා නොදී ඔහුව පොලිස් අත්අඩංගුවට ගැනීමට උපකාර කරන අයුරු දැක්වෙන සී.සී.ටී.වී දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
මේ සිද්ධියෙන් රථ වාහන පොලිස් නිලධාරියාට බරපතළ තුවාල සිදු වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පිටකොටුව පොලිසිය විසින් සිදු කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |