නව අගමැති පොහොට්ටුවේ අයෙක්ද..? ප්‍රබලයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..(VIDEO)

Dilan Perera Sri Lanka Economic Crisis
By Sewvandhi May 02, 2022 09:35 AM GMT
Report

රටේ දේශපාලනික අර්බුදයට කදිම විසඳුම වන්නේ නව අගමැතිවරයෙකු යටතේ බලය ක්‍රියාත්මක කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, එසේ පත්වන නව අගමැතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්විය යුතු අතර, ඒ හරහා සැවොම එක් වී අන්තර් කාලීන ආණ්ඩුවක් තැනිය හැකි බවයි.

පොහොට්ටුවෙන් ම නව අගමැතිවරයෙකු පත් කළ යුත්තේ ඇයි දැයි යන පැනයට ද මන්ත්‍රීවරයා අදහස් පළ කළා. පසුගිය මහමැතිවරණය හා ජනාධිපතිවරණයේ දී ජන මතය සහ ජන වරම හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වන අතර, උද්ධච්චකම හේතුවෙන් මේ වනවිට පක්ෂ දේශපාලනය ජනතාවට අප්‍රිය වී ඇති බව ද මන්ත්‍රී ඩිලාන් ප්‍රකාශ කළා.

(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now