අතහැර දැම්ම පාසල් අධ්‍යාපනය.. - හද මොහොතකට නතර වුණ සංවේදී ඉරණමක් මෙරටින්..

Ceylon Teachers Service Union Sri Lankan Schools Education School Incident Latest Headlines
By krishani Jan 21, 2024 01:37 PM GMT
Report

මෙරට වතුකරයේ ළමයින් බොහෝ පිරිසක් පාසල් අධ්‍යාපනය අතහැර තිබෙනවා.

අතහැර දැම්ම පාසල් අධ්‍යාපනය.. - හද මොහොතකට නතර වුණ සංවේදී ඉරණමක් මෙරටින්.. | Plantation Children Drop Out Of School

ඒ ආර්ථීක ගැටලු හේතුවෙන් ය.

ඒ බව ලංකා ගුරු සංගමය සඳහන් කළේ ය.

උසස් පෙළ විභාගයේ නැවතත් ඇති වුණ ගැටලුවට මොකද වුණේ?. - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

උසස් පෙළ විභාගයේ නැවතත් ඇති වුණ ගැටලුවට මොකද වුණේ?. - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් හැටන් නගරයේ ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව කියා සිටියේ ය.

කෙසේ වෙතත්, මධ්‍යම පළාතේ ළමයින් දෙදහසක් පමණ පසුගිය වසරේ මෙලෙස පාසල් අධ්‍යාපනය අතහැර දමා ඇති බව වැඩිදුරටත් ඔහු පැවසීය.

මේ අතර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින්, පාසල් මගින් සංවිධාන කරන විවිධ උත්සව සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම රජය හා පළාත් සභාව යටතේ පාලනය වන මධ්‍යම පළාතේ සියලු‍ පාසල්වලට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ දෙමව්පියන්ගෙන් ලද පැමිණිලි සැළකිල්ලට ගනිමින් ය.

එහි දැක්වෙන්නේ, ආගමික උත්සව සහ චක්‍රලේඛය මගින් අවසර ලබා දී තිබෙන උත්සවත් හැරුණු විට වෙනත් උත්සවයක් පවත්වන්නේ නම් විදුහල්පතිවරු අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතු බවයි.

ඒ අනුව පළමු වාරයේ දී උත්සව තුනක් ද දෙවන හා තුන්වන වාර වලදී උත්සව හතරක් ද ලෙස වසර පුරාම උත්සව 07 ක් පමණක් පැවැත්වීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

අතහැර දැම්ම පාසල් අධ්‍යාපනය.. - හද මොහොතකට නතර වුණ සංවේදී ඉරණමක් මෙරටින්.. | Plantation Children Drop Out Of School