සිසුවෙකුට බරපතල ලිංගික අතවර කළ නැටුම් ගුරුවරයා

Sri Lanka Sri Lanka Police Investigation Child Abuse
By Sewvandhi Jun 01, 2023 02:10 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කොට්ටාව පින්හේන ප්‍රදේශයේ කලා ආයතනයක් තුළදී 16 හැවිරිදි සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුවී ඇති බව වාර්තා වනවා.

පිලියන්දල පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයේ හිමිකරුවූ 38 හැවිරිදි විවාහක නැටුම් ගුරුවරයාව අත්අඩංගුවට ගත් බවයි.අපයෝජනයට ලක්වූ 16 හැවිරිදි සිසුවා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු වෙත ඉදිරිපත් කර ඇත

එම සැකකාර නැටුම් ගුරුවරයා විසින්, ලිංගික හැඟීම් උද්දීපනය වන අයුරින් කිසියම් අයෙකු තමාගේ කටහඬ ද එකතු කරමින් විනාඩි 29ක කාලයක් පුරා කළ කතාබහ අඩංගු හඬපටයක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් දරුවන් දහස් ගණනකගේ නැටුම් ගුරුවරයෙකුවූ තමන්ගේ කීර්ති නාමයට ඉන් දැඩි කැලලක් මෙන්ම මානසික අසහනයක් සිදුවී ඇතැයි පවසමින් පිළියන්දල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

අදාළ හඬ පටයේ තමන් යටතේ නර්තනය හදාරන සිසුවෙකුගේ හඬ ද ඇති බව එම පැමිණිල්ලෙන් දන්වා තිබේ. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ පිළියන්දල පොලීසියේ නව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා ඒ පිළිබඳ විමර්ශන කටයුතු ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, පොලිස් පරීක්ෂක මධාරා සමරදිවාකර මහත්මිය වෙත යොමුකර තිබුණි.

ඒ අනුව අදාළ සිසුවා ගෙන්වා කළ විමසීමේදී 2022 මාසයේ සිට මේ දක්වා සිය නැටුම් ගුරුවරයා අවස්ථා ගණනාවකදී කලා ආයතනය තුළදී මෙන්ම මෝටර් රථය තුළදී තමන්ට ලිංගික අතවර කළ බව ඔහු ප්‍රකාශ ලබාදී ඇත.

සිසුවා ගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මීට මාස කිහිපයකට ඉහතදී ගුරුවරයා තමන්ව ඔහුගේ මෝටර් රථයෙන් රැගෙන යන අවස්ථාවේදී ඔහු තමන් සමග කතාබහ කළ දේවල් තමන් හොර රහසේ ජංගම දුරකථනයෙන් පටිගත කළ බවත් ගුරුවරයාගේ මෙම හැසිරීම හේතුවෙන් දැඩි ලෙස මානසික ව්‍යාකූල තත්ත්වයකට පත්වී සිටි තමන් සිය මිතුරෙකුට එම හඬපටය ලබාදුන් බවයි.

සැකකාර නැටුම් ගුරුවරයාගෙන් නර්තනය හදාරන තවත් සිසුන් ඔහුගේ මෙම පහත් ක්‍රියාව සඳහා පොළඹවාගෙන ඇද්ද යන්න පිළිබඳව ද විමර්ශනයක් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු වූ සැකකාර නැටුම් ගුරුවරයා කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now