යතුරුපැදි කරුවන් දෙදෙනෙකු සිදු කල භයානක කොල්ලය

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 26, 2022 01:33 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ඖෂධ අලෙවිසැලක මංකොල්ලයක් සිදුව තිබේ. පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ මංකොල්ලය සිදුකර පළාගොස් ඇති බවය.

කොල්ලකරුවන් එහිදී රුපියල් 50,000 ක මුදලක් ඖෂධ අලෙවිසැලෙන් කොල්ලකා ඇති බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

මේ අතර,තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු විසින් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් කොල්ල කා පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවි සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඔවුන් යතුරු පැදියකින් පැමිණ අද (26) දහවල් බැංකුව ඉදිරිපිට දී ගිනි අවි පෙන්වා මුදල් කොල්ල කා ඇති බව යි. පසු ව පොලිසිය ඔවුන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට තඹුත්තේගම පොලිස් භාරයේ පසු වන අතර, ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව යි පොලිසිය සඳහන් කළේ.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now