කැලණියේදී ඝාතනය වූ පුද්ගලයාගේ නිවසේ තිබී හමුවූ දේ

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Sep 16, 2022 01:22 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පසුගියදා කැලණිය ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු කළ වෙඩිතැබීමකින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවස පොලීසිය විසින් පරීක්ෂා කර තිබේ. එහිදී අදාළ පුද්ගලයාගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

බස්නාහිර බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මෙම හදිසි පරීක්ෂා කිරීම සිදුකර තිබේ. කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිදුකළ වෙඩිතැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්විය. ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පළාගොස් තිබුණි.

මේ අතර, මියගිය පුද්ගලයාගේ දුරකථනයට අවසන් වරට පැමිණි දුරකථන අංක ඔස්සේ සැකකරුවන් සොයා පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ. මියගිය පුද්ගලයාට එරෙහිව ඝාතන තුනක් සම්බන්ධයෙන් නඩු විභාගවෙමින් පවතින බවද පසුව අනාවරණයවූ බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, ඔහු විසින් 'තෙල්බාලා' සහ 'ආනමාළු' රංග ලෙස හැඳින්වූ පාතාල කල්ලි සාමාජිකයින්ව සහ වත්තල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකුව කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි අයෙක් බවය. වෙඩි වැදීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා රාගම රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිට ඇති අතර, වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරයි.


        සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now