පිරිසක් එක්ව සිදුකළ බිහිසුනු ඝාතනය

Sri Lanka Crime
By Sewvandhi Jan 12, 2023 06:02 AM GMT
Report

මිදිගම පොලිස් වසමේ පාතගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රී කාලයේ දී මේ පිළිබඳ පොලීසියට පණිවුඩයක් ලැබුණු බවය.

පහරදීමෙන් මියගොස් ඇත්තේ, 24 හැවිරිදි තරුණයෙකි. ඝාතනයට හේතුව අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් කිහිපදෙනෙක් පැමිණ ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) පැවැත්වීමට නියමිතය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now