සියල්ලන් කම්පා කරමින් 14දෙනෙකුට දිවි අහිමි කළ අනතුර..අවුරුද්දක් ගත වුව ද තවමත් දෙපයින් නැගී සිටීමට නොහැකි ජීවිත..(VIDEO)
accident
Bus
Passara
Badulla road
By Sewvandhi
මගීන් 14 දෙනෙකුට දිවි අහිමි කරමින් සිදුවු පස්සර බස් රථ අනතුර සිදුව වසරකට ආසන්න කාලයක් ගත වුවද, ඉන් තුවාල ලැබූවන් කිහිපදෙනෙකුම අදටත් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටී.
මේ දක්වා නිසි වන්දි මුදලක් නොලැබීම නිසා ඔවුන් පත්ව සිටින්නේ දැඩි අසරණ තත්ත්වයකටය. ලුණුගල පස්සර ප්‍රධාන මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රෙද්ශයේදි ලුණුගල සිට කොළඹ දක්වා ධාවනය වු බස් රථයක් අඩි 250ක් පමණ ප්‍රපාතයකට පෙරලී අනතුරට ලක් වුයේ පසුගිය වසරේ මාර්තු මස 20 වැනිදාය.
අනතුරින් එහි ගමන් ගත් මගීන් 14 දෙනෙකු මිය ගිය අතර 31 දෙනෙකුට තුවාල සිදුවුණි. අනතුරින් මිය ගිය පුද්ගලයින්ට හා තුවාල ලැබූවන්ට එම වකවානුවේදි රුපියල් 25000ක වන්දි මුදලක් ලැබී තිබුණි.
එහෙත් අදටත් එලෙස තුවාල ලැබුවන් අතරින් කිහිප දෙනෙකුම පූර්ණ ලෙස එක්තැන්ව සිටීම නිසා ඔවුන් සහ එම පවුල්වල අය පත්ව සිටින්නේ දැඩි අසරණ තත්ත්වයකටය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |