පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..
පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසං කළැයි කියන චෝදනාවට,එම ප්‍රහාරය වලක්වා ගැනිමට කටයුතු නොකල පිරිස් අපේ රජයත් මේ අය ආරක්ෂා කරනවා දැයි රජය නියෝජනය කරන ඇමතිවරයකු හැටියට වගේම කතෝලිකයකු හැටියටත් යම් සැකයක් තිබේනවා යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.
අපේ කාදිනල් තුමන් කොන්ද පණ තිබේන නායකයෙක් මමත් කතෝලිකයෙක් හැටියට බොහෝම ආදරය කරන චරිතයක්.
ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරයකු ලෙස මමත් මේ ගැන දරණ මතයක් තිබේනවා.
පාස්කු ප්‍රහාරය වේලාවේ මේ පිළිබදව තොරතුරු වසං කලේ කියලා, ජනතාව ආරක්ෂා කළේ නැහැ කියලා, ඒදා හිටපු පොලිස්පතිෙ අද ඉන්නේ හිර ගෙදර නම්, ඒදා හිටිය ආරක්ෂක ලේකම් අද ඉන්නේ හිර ගෙදර නම්, ඔය කියන කාල සිමවේදි හිටපු ජනාධිපතිවරයාට මූක්තිය කියන එකකුත් තිබුනේ නැත්නම්, ඔය කියන කාල සිමාව අස්සේ ආරක්ෂක කණ්ඩායම අස්සේ සේනාවිධායක හිටපු සිරිසේන ජනධිපතිවරයාගෙන් කට උත්තරයක්වත් ගන්නේ නැත්නම්, රජය පැත්තෙන් ඔවුන් ආරක්ෂා කරනවාද කියලා කියන එක ගැන කතෝලිකයකු හැටියට මගේ හෘද සාක්ෂීයත් කතා කරනවා.
ඒ නිසා අද ජනාධිපතිතුමා අගමැතිතුමා යම් කිසි දෝෂාරෝපනයක් ලබනවා නම්,අපේ නායකයන් දෙදෙනාත් හෘද සාක්ෂීයෙන් අහලා බලන්න උවමනායි කියලා මම කියනවා.
ඒ නිසා අපි පරිස්සමට කටයුතු කළ යුතුයි.
ජීවිත ගනනාවක් අපට අහිමි වුණා කතෝලක ජනතාව ඉතාමත් දුකින් ඉන්නේ මේ පිළිබදව තොරතුරු සොයා ගන්න.මේ සදහා සාධාරණයක් ඉෂ්ඨ කරන්න්න.
මෙහිදි මැල්කම් කාදින් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ මෙසේ කිය. අපේ ඇමතිතුමා පාස්කු ප්‍රහාරය ගැන කතා කළා. අපි ස්තුතියි කියනවා අපේ ඇමතිතුමාට මේ ධෛර්යවන්ත වචනයට.
අපි ඉල්ලන්නේ කරන්න බැරි දෙවල් නොවෙයි කරන්න පුළුවන් දේවල්. මේ හානිය කරපු අය, අන්තවාදින් ඒ සංවිධානවලට බැදිලා ඒ ක්‍රියාව කරවපු අය.ඒ අයටත් දඩුවම් කරන්න.
නමුත් ජනාධිපති කොමිසන් වාර්තාවේ පැහැදිලිවම සදහන් කරලා තිබෙනවා එදා හිටිය නායකයින් දැන දැනත් මේ ප්‍රහාරය වලක්වන්න කටයුතු කර නැති බව.
ඒ අයගේ ලයිස්තුවක් දාල තියෙනවා ලයිස්තුවක් පැහැදිලිය. අපි ඉල්ලන්නේ කරන්න බැරි දෙයක් නොවේයි කරන්න පුළුවන් දෙයක් විතරයි රජයෙන් ඉල්ලන්නේ.
හිටපු ජනාධිපතිකුමා පැහැදිලිවම මේ ප්‍රහාරයට වගකිව යුතු බව ඒ වාර්තාවේ සදහන් වෙනවා ඒ නිසා ඒ අයට අදාල නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි ඉල්ලන්නේ පැහැදිලිවම.
තමන්ට විතරක් වාසි වන විදිහට නොවේයි. අවංකව සාධාරණය නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.
අද අපි සන්තෝෂ වෙනවා ඔබතුමා බොහෝම පැහැදිලි ප්‍රකාශයක් කලා. කරුණාකරලා අගමැතිතුමාටත් ජනාධිතුමාටත් කියන්න.අපිට ඒ අය සමග ප්‍රශ්නයක් ඇති කර ගන්න උවමනාවක් නැහැ.
නමුත් මේ හැසිරිම අපිට පිළිගන්න බැහැ.මොකද අවුරුදු එකහාමාරක් තිස්සේ ප්‍රශ්න කරලා හදපු වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.
ඒක ජනතාවට කරන සාධාරණයක්.අපි වැඩිපුර දෙවල් ඉල්ලන්නේ නැහැ'. රාජ්‍ය ඇමතිවරයා මේ බව පවසා සිටියේ මහකුඹුක්කඩවල ගම්මාන කිපයක් ආවරණය වන ආකාරයට ලක්ෂ 43 ක මුදලක් වැය කරමින් ඩැරල් කූඤ්ඤ පියතුමන් හා ධානපතියන් පිරිසක් එක්ව ඉදිකර දුන් එල්ලෙන විදුලි අලි වැට විවෘත කිරීමේ අවස්ථාව එක්වෙමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |