පාර්ලිමේන්තුවේ පහල මාලයේ බඩු හදිසියේම ආරක්ෂිත තැන්වලට ගෙන යයි.. දැඩි අවධානම් තත්ත්වයක්..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka Politician
Accident
Weather
By Aruna
අධික වර්ෂාව හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යට වීමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා.
දියවන්නා ඔයේ ජලය වේගයෙන් වැඩිවෙමින් පවතින නිසා වැසි තත්ත්වය ඉදිරි දිනවල දිගින් දිගටම පැවතියහොත් එහි ජලය පිටාර මට්ටමට පැමිණිය හැකි බවයි නාවික හමුදාව කියා සිටින්නේ.
මෙම තත්ත්වය මත පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණීම වැළැක්වීම සඳහා දියවන්නා ඔය සීමාවේ වැලි කොට්ට ඇතිරීමට යුද හමුදාව දැනටමත් කටයුතු කර ඇත.
මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ පහළ මහලේ පිහිටි කාමරවල බඩු භාණ්ඩ සියල්ල ද ආරක්ෂක පියවරක් ලෙස එහි පළමු මහලට රැගෙන ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |