"..මම ආයෙ මේ සභාවට එන්නෙ නෑ.." පාර්ලිමේන්තු සභාව එපා වූ මන්ත්‍රී
Parliament of Sri Lanka
Sajith Premadasa
Sri Lanka Economic Crisis
By Sewvandhi
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (06) සභාගර්භයේ දී නොසන්සුන් ලෙස හැසිරීම හේතුවෙන් කථානායකවරයා විසින් විපක්ෂ නායකවරයාට ඔවුන් ව පාලනය කරගන්නා මෙන් පැවසීය.
එහිදී නැගී සිටි සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසා සිටියේ, තමා මීට පසු සභාගර්භයට පැමිණීමෙන් වැළකී සිටින බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා,
"ඊයේ හැදුවා "හොරා ගෝ ගම" කියලා. අපිටත් ලැජ්ජයි හොරු එක්ක ඉන්න. ඒ නිසා මම අද තීරණය කරනවා විශ්වාසභංගය තියෙන මොහොතේ ඇරුණම මම ආය මේ සභාවට සහභාගී වෙන්නේ නෑ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |