පාර්ලිමේන්තුව අවට මෙතෙක් නොකරපු දෙයක් රාත්‍රී කරයි..අද කුමක් වෙයිද?(PHOTOS)
අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන්නේ රට තුළ දේශපාලන අස්ථාවරත්වය තීව්‍ර වී පවතින පසුබිමකයි.
මේ වනවිට නියෝජ්‍ය කතානායකවරයා ඉල්ලා අස් වී ඇති බැවින් නව නියෝජ්‍ය කතානායකවරයෙකු පත්කර ගැනීමට ද නියමිතව තිබේ.
ආරංචි මාර්ග අනුව ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ , සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ සහ ස්වාධීන වූ කණ්ඩායමේ තිදෙනෙකු ඉදිරිපත් වීමට නියමිතව ඇත.
හිටපු නියෝජ්‍ය කතානායකවරයා ස්වාධීන වූ කණ්ඩායමෙන් ඉදිරිපත් වනබවටත් ආරංචිමාර්ග සඳහන් කරයි.
ඊට අදාල ඡන්ද විමසීම අද හෝ හෙට සිදුකිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
මේ වන විට ආණ්ඩුවට සහ ජනාධිපතිවරයා ට එරෙහිව විශ්වාස භංග යෝජනා දෙකක් කතානායකවරයා ට භාර දී තිබේ.
ඒ සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේ කතා බහ මතුවීමට ඉඩ තිබේ. මේ අතරතුර පාර්ලිමේන්තු පිවිසුම අසල මේ වනවිටත් ගොවි සත්‍යග්‍රහයක් ක්‍රියාත්ම වනවා.
ගාලුමුවදොර සිට අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පා ගමනක් පැමිණෙන බවට ආරංචි පැතිර යාම නිසා සහ පාර්ලිමේන්තුව සහ අවට ආරක්ෂක පියවර දැඩි කිරීමේ අරමුණින් ඊයේ රාත්‍රියේ දියත උයන අසල සිට මග දෙපස ස්ථාවර වැටවල් සවි කරනුද දැකිය හැකි විය.
මේ අතර ඇතැම් ආරංචි මාර්ග පවසන පරිදි අග්‍රාමාත්‍යවරයා අද විශේෂ ප්‍රකාශයක් සිදුකර ඉල්ලා අස් වීමට නියමිත බව කියවෙතත්, ඒ බව මෙතෙක් කිසිදු ආකාරයකින් තහවුරු වී නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |



