මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් කෑම එපා කියයි..! කතානායකට දුන් ලිපිය
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
By Sithumi
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ 900ක ගෙන් සමන්විත සේවකයින් සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් සපයනු ලබන දිවා ආහාරය අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිපියක් භාරදී තිබෙනවා.
රටේ ජනතාව ඉතා අසීරූ අවස්ථාවකට පත්ව සිටින මොහොතක මෙලෙස මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු සේවකයින්ට ආහාර සැපයීම සුදුසු නොවන බවයි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සඳහන් කර සිටින්නේ.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව කැඳවන දිනයන් හිදී මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පිටතින් ආහාර පාර්සල් ගෙන්වා දී එම මුදල් අයකර ගන්නා ලෙසද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය ලිපියෙන් වැඩිදුරටත් යෝජනා කර සිටින්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |

