අද සවස 3ට වෙන සුවිශේෂ වෙනස මෙන්න..
අද (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
රට තුළ පවතින අනාරක්ෂිත වාතාවරණය හේතුවෙන් මෙම සාකච්ඡාව නව තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කර ඇති අතර අද සවස තුනට රැස්වීම කැඳවීමට තීරණය කර ඇති බව ද කතානායක මහින්ද යාපා අභයවර්ධන පවසයි.
මෙම පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමේ දී මේ වන විට රට තුළ උද්ගත වී ඇති තත්ත්වය සහ ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර මේ වන විට අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත් වී තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙම පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රට තුළ පවතින කලබලකාරී වාතාවරණය පහව ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු වන තෙක් නැවත පාර්ලිමේන්තුව නොකැඳවීමට කතානායකවරයා තීරණය කර ඇති බව මීට පෙර වාර්තා විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |