පාර්ලිමේන්තු කෑම වේලේත් මිල වෙනස් කරයි - නව මිල ගණන් මෙන්න

Parliament of Sri Lanka Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Sep 25, 2022 10:14 AM GMT
Sewvandhi

Sewvandhi

in ආහාර
Report

පාර්ලිමේන්තුවේ ආහාර වේල සඳහා අය කරන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මන්ත්‍රීවරුන් සඳහා සැපයෙන ආහාර වේලක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දී ගනු ලැබූ තීරණයකට අනුව එම මිල ඉහළ දැමීම සිදුකර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරයෙකු සඳහා ලබාදෙන නව ආහාර වේලක මිල රුපියල් 300ක් වේ.

එමෙන්ම පාර්ලිමේන්තු සැසිවාර ආවරණය කිරීම සඳහා පැමිණෙන මාධ්‍යවේදියෙකු සඳහා ලබාදෙන ආහාර වේලක ද මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 150ක් වන බව සඳහන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now