බිහිසුණු පැරෂුට් අනතුරක්..ඉහළ අහසේදී අක්‍රීය වී එක්වරම කඩා වැටුනු හැටි මෙන්න.
Police
Accident
Sri Lanka
Galaha
Prishut accident
By Aruna
දෙල්තොට ලූල්කඳුර තේ වත්තේ කොණ්ඩගල කදුමුදුන මතින් පැරෂුට් එකකින් පැන්න රුසියන් ජාතිකයකු එම පැරෂුටය ගුවනේදී අක්‍රීය වීම නිසා බිම වැටීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත ඇතුල් කළ බව පොලිසිය පවසනවා.
බොහෝ විදේශිකයන් මෙම කදු මුදුනෙන් පැරෂුටයෙන් ගමන් කිරීම ජනප්‍රිය අංගයක් වි ඇති අතර ඊයේ සවස තුනට පමණ මෙම රුසියන් ජාතිකයා කොණ්ඩගල මතින් පැරෂුටයෙන් පැන ඇති අතර එය ඉහළ අහසේදී අක්‍රීය වී එක්වරම කඩා වැටී තිබේ.
එසේ වැටුනු පැරෂුටය ගසක අත්තක රැදී එම අත්තද සමග නැවත කඩා වැටී තිබුණි.
සිද්ධීය දුටු ප්‍රදේශවාසින් මේ පිළිබඳව ගලහ පොලීසියේ ඇති 1990 ගිලන් රථය වෙත දන්වා වහාම එම රථයෙන් පේරාදෙණිය රෝහල වෙත ගෙන ගොස් ඇත.
මෙම අනතුරෙන් ඔහුගේ කොන්දට හා පාද වලට බාරපතල තුවාල සිදුවී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |