21ක් හැවිරිදි බිරිඳගේ ගෙල කපා සියදිවි නසා ගනිමින් ප්‍රදේශයම බිය වැද්දූ සැමියා..

crime Anuradhapura Hospital Parasangaswava Paniyanthadavala Siyabalava
By Sewvandhi Mar 12, 2022 04:48 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පවුල් ආරවුලක් මත බිරිඳගේ ගෙල කපා බරපතළ තුවාල සිදුකර සැමියා ගෙල වැලලාගෙන සිය දිවි නසාගැනීමේ සිද්ධියක් වාර්තා විය.

මෙලෙස මිය ගොස් ඇත්තේ  37 හැවිරිදි පරසන්ගස්වැව - පානියන්තඩවල, සියබලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

21 හැවිරිදි සිය බිරිඳ සමග දීර්ඝ කලක සිට පැවති පවුල් ආරවුලක් මත ඊයේ (11) උදෑසන සැමියා විසින් බිරිඳගේ ගෙල කපා බරපතළ තුවාල සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

පසුව ඔහු නිවස අසල තිබු ගසක ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබු කාන්තාව මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පරසන්ගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now