ක්‍රීඩකයෙකු තම මංගල දිනයේදී, ඔහුගේ මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා සියදිවි නසා ගනී..!

Wedding Thailand Gun Shooting
By Sewvandhi Nov 27, 2023 09:43 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මනාලයෙකු විසින් සිය මංගල දිනයේ දී ඔහුගේ මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඔහුද සියදිවි හානි කරගෙන තිබේ.

ඒ, තායිලන්තයේ පැරා මලල ක්‍රීඩකයෙකු සහ හිටපු සොල්දාදුවෙකු වන 29 හැවිරිදි Chaturong Suksuk ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහු මෙලෙස වෙඩි තබා ඇත්තේ සිය මනාලියට, ඇයගේ මවට, සහෝදරියට සහ තවත් පුද්ගලයෙකුට බවයි.

එම අවස්ථාවේ වෙඩි වැදීමෙන් තුවාල ලැබු මංගල උත්සවයේ අමුත්තන් තිදෙනෙකු ද රෝහල් ගත කර ඇති බව සඳහන් වේ.

ක්‍රීඩකයෙකු තම මංගල දිනයේදී, ඔහුගේ මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා සියදිවි නසා ගනී..! | Para Athlete Shoots His Bride And Three Others

කුමන හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ,මනාලයා හදිසියේම මංගල සාදයෙන් පිටව ගොස් තුවක්කුවක් රැගෙන විත් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

මනාල යුවළ අතර වයස් පරතරය සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් මෙම සිදුවීමට හේතුවන්නට ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 29 හැවිරිදි Chaturong Suksuk විවාහා වී ඇත්තේ 44 හැවිරදි Kanchana Pachunthuek නම් කාන්තාව සමඟය.