පාසලට දරුවා රැගෙන ගිය පියාට, වෙඩි තබා ඝාතනය කෙරේ..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jan 11, 2023 12:30 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අද (11) උදෑසන පනාමුර කැම්පනේ ප්‍රදේශයේදී, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තිදරු පියෙකුව වෙඩිතබා ඝාතනය කර තිබේ.

රාජා දයානන්ද නමැති 50 හැවිරිදි ඔහු සිය දරුවා ව පාසල වෙත ඇරලවා ආපසු නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.

ඒ, කැම්පනේ අලුත් පාර ප්‍රදේශයේ පාළු නිවාස දෙකක් ආසන්නයේ ඇති වංගුවකදීය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පනාමුර පොලීසිය සඳහන් කළේ වෙඩිතැබීම සිදුකළ සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇති බවය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now