පානදුර වෙඩි තැබීමේ ඇත්තම කතාව එළියට.

CCTV Panadura Ambulance Kethumathi Hospital Hirana
By Sewvandhi Jan 29, 2022 04:23 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පානදුර මූලික රෝහලේ පිවිසුමේදී ගිලන් රථයකට වෙඩි තැබීම සඳහා පැමිණි පුද්ගලයන්ට නවාතැන් පහසුකම් ලබා දුන් පානදුර - හිරණ ප්‍රදේශයේ පදිංවි අයෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

පානදුර කේතුමතී කාන්තා රෝහලේ සිට රෝගී වූ ගැබිණි කාන්තාවක් රැගෙන ආ ගිලන් රථයක් පානදුර මූලික රෝහලට ඇතුලු කරන අවස්ථාවේදී, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් ගිලන් රථ රියදුරු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුනේ පෙරේදා (27) දහවල් කාලයේදියි.

කෙසේවෙතත් උණ්ඩය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඉන් කිසිදු හානියක් සිදු වුණේ නැහැ. වෙඩි තැබීම සඳහා යතුරු පැදි 2 කින් පුද්ගලයන් සිව් දෙනෙකු පැමිණ තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now