පානදුරම බිය ගන්වමින් මහ දවාලේ සිදුවූ වෙඩි තැබීමේ නවතම තොරතුරු..(VIDEO)

driver shoot Panadura Ambulance Kethumathi hospital
By Sewvandhi Jan 27, 2022 10:23 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 පානදුර මූලික රෝහල ඉදිරිපිට දෙනෝදහසක් දෙනා බලාසිටියදී පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරෙකුට නාඳුනන පුද්ගලයෙක් විසින් අද (27) වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පානදුර දකුණ පොලීසිය සඳහන් කළේ ගිනිඅවිය අක්‍රීයවීම හේතුවෙන් රියදුරුගේ ජීවිතය බේරී ඇති බවය. ගිනිඅවියේ තිබූ ජීව උණ්ඩයක් ගිලන් රථයේ ඉදිරිපස රියදුරු දොර අසල වැටී තිබියදී පොලීසිය සොයාගත්තේය.

ඒ අනුව එම වෙඩි ප්‍රහාර ගිලන් රථයට වැදී තිබුණත් රියදුරුට තුවාල සිදුවී තිබුණේ නොමැත. එකවරම රෝහල ඉදිරිපිට ඇතිවූ මෙම සිද්ධියෙන් එම ස්ථානය අවට රැඳීසිටි ජනතාව දැඩි කලබලයට පත්වී තිබුණි.

ගිලන් රථයේ රියදුරා රෝගී කාන්තාවක් රැගෙන පානදුර මූලික රෝහල වෙත අද පෙරවරු 11.45ට පමණ පැමිණ තිබේ. එම අවස්ථාවේදී යතුරුපැදි දෙකකින් පුද්ගලයන් 4දෙනෙකු පැමිණ ඇත.

ගිලන් රථය රෝහල් භූමියට ඇතුළු කරනවාත් සමගම එක් පුද්ගලයෙකු ගිලන් රථයේ රියදුරුගේ දොර අසලට පැමිණ වෙඩිතැබීම සිදුකර තිබුණි. එහිදී තවත් පුද්ගලයෙකු රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසල ගිනිඅවියක් අතැතිව වෙඩිතැබීම සිදුකළ පුද්ගලයාගේ ආරක්ෂාව සඳහා සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කර ඇත්තේ වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති අතර ගිනිඅවිය අක්‍රීයවීම හේතුවෙන් ජීව උණ්ඩ ක්‍රියාත්මක වී නැති බවය.

එම ගිලන් රථ රියදුරා කළුතර උතුරු තොටුපොළ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය 2021 පෙබරවාරි මස 28වන දින වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් හොරණ දික්හේනපුර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය වැටලීමක් කර තිබුණි.

එහිදී රුපියල් කෝටි 42ක් පමණ වටිනා හොරෙයින් කිලෝ 42ක් සොයාගත් අතර මෙම වෙඩිතැබීමට හේතුව එම සිද්ධිය බවට ද රාවයක් ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now