පොලීසියේ තුවක්කුව උදුරන්න හැදූ පුද්ගලයා ලග බෝම්බයක් - මෙරටින් ඇසෙන බිහිසුණු පුවත..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Oct 30, 2023 04:57 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගැනීමට තැත්කළ අයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවකදී ජීව අත්බෝම්බයක් සහ මන්නා පිහියක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි. පානදුර දකුණ පොලීසියට අනුයුක්ත නිලධාරීන් ජංගම මුර සංචාරයක නිරතව සිටියදී සැකකරු පිළිබඳව සැක සිතී ඔහුව පරීක්ෂා කිරීමට සූදානම් වී තිබේ.

එම අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇතිකරගනිමින් එක් නිලධාරියෙකුගේ රාජකාරී ගිනි අවිය උදුරාගැනීමට උත්සාහ දරා තිබේ.

පසුව පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවකදී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇත.

අනතුරුව සැකකරු රැඳී සිටි ස්ථානයේ විදුලි පහන් කණුවක් අසළ සඟවා තිබූ අඩි එකහමාරක් පමණ දිගැති මන්නා පිහියක් ද පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරුව හෙට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.(උපුටාගැනීමක්)