ගමක් කළඹමින් සිදුවූ බිහිසුණු ඝාතනය

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jun 01, 2023 04:46 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඊයේ (31) රාත්‍රියේ දී පානදුර වෑකඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී එම තරුණයාට කඩුවකින් පහර දී ඇති අතර පහර කෑ තරුණයා තුවාල ද සමග ඇඟලුම් කම්හලේ භූමිය වෙත දිවගොස් තිබුණා.

එහි තිබූ සීසීටීවී කැමරාවක, ඔහු පසුපස ලුහුබැඳ පැමිණි ඝාතකයා එම ස්ථානය තුළට ඇතුළු වී තරුණයාට කඩුවෙන් පහරදෙන ආකාරය සටහන්ව ඇත.

තරුණයාගේ හිස ප්‍රදේශයට දරුණු පහරවල් කිහිපයක් එල්ල කර ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ මෝදරවිල තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now