පාසල් සිසුවාගේ බයිසිකලය යට කර දිවි අහිමි කල ඇග හිරිවැටෙන අනතුර..(VIDEO)

Sri Lanka Police Sri Lanka Accident
By Sewvandhi Aug 11, 2022 10:14 AM GMT
Report

පාපැදිය නවතාගෙන සිටි 14 හැවිරිදි පාසල් සිසුවක් අද (11) දහවල් අවාසනාවන්ත ලෙස මෝටර් රථයකට යටවීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ. අනතුර සිදුවී තිබුණේ පානදුර මාලමුල්ල පොකුණ හන්දියේ දීය. මියගොස් ඇත්තේ පානදුර පින්වල ප්‍රදේශයේ පදිංචිව සිටි විහඟ සදෙව් ද සිල්වා නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

එම සිසුවා පානදුර රාජකීය විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බව පොලීසිය පැවසීය. ඔහු උපකාරක පන්තියකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී මාලමුල්ල ග්‍රාමීය බැංකුව ඉදිරිපිට මාර්ගය ආසන්නයේ පාපැදිය නවතාගෙන සිටිය දී මෙම අනතුර සිදුවී තිබේ.

'L' සංඥාව සහිත පුවරුවක් ප්‍රදර්ශනය කරමින් කාන්තාවක් ධාවනය කරගෙන පැමිණි මෝටර් රථයක් එලෙස මාර්ගයෙන් ඉවතට පැන මෙම දරුවා යටකරගෙන ඉදිරියට ධාවනයවී ඇත. පොලීසිය සඳහන් කළේ දරුවා සමග ඉදිරියට ධාවනය වී ඇති මෝටර් රථය කොන්ක්‍රීට් කණු දෙකක ගැටී සිරවී ඇති බවය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දරුවා පානදුර මූලික රෝහලට ඇතුළත් කරනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ඇයට රියදුරු බලපත්‍රයක් ඇතත් නිසි අයුරින් රිය පැදවීමට පුහුණුව නොමැති හෙයින් 'L' පුවරුවක් මෝටර් රථයේ දෙපස ප්‍රදර්ශනය කර රිය පදවා තිබු බවද පොලීසිය පවසයි. 

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now