වගුරු බිමකින් හමු වූ පුද්ගලයෙකුගේ සිරුරු කොටස්..

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jul 01, 2023 03:16 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පමුණුගම, නිල්සිරිගම ප්‍රදේශයේ වගුරුබිමක තිබී ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ සිරුරු කොටස් සොයාගෙන තිබේ. 

පොලීසිය පැවසුවේ, 34 හැවිරිදි තුඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස ඝාතනයට ලක්වී ඇති බවයි.

පසුගිය මස 20 වනදා සිට එම පුද්ගලයා අතුරුදන්වී ඇති බවට ඔහුගේ බිරිඳ විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අවසන්වරට අතුරුදන්වූ පුද්ගලයා ඇසුරුකළ පුද්ගලයෙකු හඳුනාගත් පොලීසිය පමුණුගම, බෝපිටිය ප්‍රදේශයේ දී ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ, පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඔහු විසින් තියුණු ආයුධයකින් පහරදී අදාළ පුද්ගලයාව ඝාතනය කර ඇති බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුරු කොටස් නිල්සිරිගම වගුරුබිමක තිබී සොයාගෙන ඇති අතර මේ වනවිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇති බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් 42 හැවිරිදි සැකකරු වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.