කේන්ති ගිය සැමියා බිරිදට වෙඩි තබයි..!

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Aug 14, 2023 08:10 AM GMT
Report

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඊයේ(13) පල්ලම රඹතලාවත්ත, ආඬිගම ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ.

පොලීසිය පැවසුවේ, තුවාල ලැබු කාන්තාව මේ වන විට නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 51 හැවිරිදි රඹතලාවත්ත ආඬිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.