ලංකාවේ පවතින අර්බුද විසඳන්න අගමැතිවරයා පත් කළ විශේෂ කමිටු 04න් වාර්තාවක්..

Palitha Range Bandara Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Prime minister Sri Lanka
By krishani May 16, 2022 04:47 AM GMT
Report

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, පොහොර, ඛනිජ තෙල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂ කමිටුවල වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට පියවර ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළහ.

එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ අත්සනින් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ කමිටු විසින් හිටපු ඇමතිවරුන් සහ ප්‍රධානීන් කැඳවා සාකච්ඡා කිරීමෙන් පසු ගැටලු ඇතිවීමට හේතු මෙන්ම ඒවා විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහිත වාර්තාවක් මේ වනවිටත් සම්පාදනය කර ඇති බවයි.

අදාළ කමිටු ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යනු ලබන අතර ජනතාවට සහන සැලසීම සඳහා වූ ක්‍රියාවලිය පුළුල්ව දියත් කිරීමට පියවර ගෙන ඇති බව සහ එහි ප්‍රතිලාභ තව සුළු කාලයක් තුළ ජනතාවට ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join