කෙහෙල්බද්දර පද්මේගෙන් පොලිසියට තර්ජනාත්මක දුරකථන ඇමතුමක්

Crime Law and Order Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 04, 2025 09:12 AM GMT
Report

විදෙස්ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරැවෙකු වන කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට දුරකතනයෙන් අමතා මරණ තර්ජන එල්ලකර තිබෙනවා.

ඒ, කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු වන දිසානායකගේ දේවාන්මිනි දිසානායක හෙවත් ගම්පහ පස්දේවා නමැත්තා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට විරොධය පළකිරීමක් ලෙසයි.

පස්දේවා නමැත්තා මෙලෙස කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඊයේ දිනයේ දී මෙලෙස අත්අඩංගුවට ගැණුනේ තායිලන්තය බලා පලායාමට පැමිණි අවස්ථාවේදීයි.

ඔහු අද පස්වරුවේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව තිබෙනවා.

අත්අඩංගුවට ගත් පස් දේවාගෙන් ප්‍රශ්න කිරිමේ දී කෙහෙල්බද්දර ප්‍රදේශයේ ඇති හෝටලයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇති අතර, එම ස්ථානයට ගිය විමර්ශන කණ්ඩායම් එහි තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණා.

ඉන්පසුව පස් දේවා යළි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යන අතරතුර මෙලෙස කෙහෙල්බද්දර පද්මේ විසින් එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට දුරකතනයෙන් අමතා මරණ තර්ජනය කර තිබුණා.