නල ලිදේ සිර වූ අවුරුදු පහක දරුවා බේරා ගැනීමේ දැවැන්ත මෙහෙයුම සිදු වන අයුරු..(VIDEO)
ගැඹුරු ලිඳකට ඇද වැටුණු දරුවෙකු ගොඩගැනීම සඳහා මේ වනවිට විශාල මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මොරොක්කෝවේ Ighran නම් ගම්මානයේ පිහිටි අඩි 100ක පමණ ගැඹුරු ලිඳකට මෙම දරුවා ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි මීටර් 32කට ආසන්න දුරකින් මෙම දරුවා රැඳී සිටින බවට මේ වනවිට තොරතුරු හෙළිදරව් වී ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 5 හැවිරිදි වියේ පසුවන රයන් නමැති කුඩා පිරිමි දරුවෙකු බවට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. ඒ අනුව දරුවා බේරාගැනීම සඳහා එරට බලධාරීන් විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කෙරිණි.
විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබන්නේ මේ වන විට දින දෙකක පමණ කාලයක් මෙහෙයුම් සිදුකර ඇති බවය. එම මෙහෙයුම මේ වන විට අවසාන අදියරට ළගා වෙමින් පවතින අතර දරුවා ඉදිරි පැය කිහිපය තුළ මුදා ගැනීමට හැකිවනු ඇති බවට බළධාරීන් විශ්වාසය පළකරයි.
දරුවා මුදා ගැනීමෙන් අනතුරුව ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සදහා වෛද්‍ය කණ්ඩායම් මෙන්ම ඔහු කඩිනමින් රෝහල් ගත කිරීම සදහා හෙලිකොප්ටර් යානයක් ද අදාළ ස්ථානයට ගෙන්වා ඇති බව සදහන් වෙයි. එම ස්ථානයේ දර්ශන පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |