පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව නවතී

Sri Lanka SL Protest
By Sewvandhi May 05, 2022 04:32 PM GMT
Report

හෙට දිනය තුළ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් ක්‍රියාත්මක නොකෙරෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය නිලධාරීන්ගේ විවිධ වෘත්තීය සංගම් විසින් සංවිධානය කර ඇති විරෝධතාවය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්යය මණ්ඩලය සේවයට වාර්තා නොකරන බව දැනුම්දී ඇති බව සඳහන් කරමින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එසේම මහජනතාව වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ හෙට (06) දින එක්දින සේවාව ලබාගැනීම සඳහා වේලාවන් වෙන්කරගත් ඉල්ලුම්කරුවන්ට රජයේ වැඩකරන වෙනත් දිනයක පැමිණ එම සේවාව ලබා ගත හැකි බවය.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හෙට දිනයේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now