සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳව විශේෂ නිවේදනයක්..
Ministry of Education
Sri Lanka
G.C.E. (O/L) Examination
By krishani
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන්ගේ විභාග ප්‍රවේශපත්‍ර බෙදා හැරීමේ කටයුතු අද(13) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ අදාළ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව මගින් තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවත් වෙන් කිරිමේ කටයුතු ද අවසන් කර ඇති බවය.
ගතවූ දින කිහිපය තුළ වෘත්තිය ක්‍රියාමාර්ග හා ඇඳිරිනීතිය හේතුවෙන් ප්‍රවේශපත්‍ර බෙදාහැරිමේ කටයුතු ප්‍රමාද වූ බව තැපැල්පතිවරයා පැවසීය.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව විභාග අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර බෙදාහැරිම එළඹෙන සඳුදා දිනය වනවිට අවසන් කිරීමට සැලසුම්කර ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |