හර්තාල් දින සේවයට වාර්තා නොකළ නිලධාරීන් වෙනුවෙන් හදිසියේම කළ දේ මෙන්න..
දිවයිනේම හර්තාල් ක්‍රියාත්මක වූ පසුගිය සිකුරාදා දිනයේ සේවයට වාර්තා නොකරන නිලධාරීන් පිළිබඳව විස්තර ලබාගැනීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඊට අදාළ ලිපියක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත සියලු දිස්ත්‍රික් ලේකම්වරු වෙත යොමුකර ඇති බව සඳහන් වේ.
අදාළ ලිපිය මගින් දක්වා ඇත්තේ පසුගිය 06 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවයට වාර්තා කිරීම සම්බන්ධ තොරතුරු දිස්ත්‍රික් මට්ටමින් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ආකෘතියට අනුව සම්පූර්ණ කර ලබාදෙන ලෙසය.
මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරීන් වෙන වෙනම සටහන් තබා නොපැමිණීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ද ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත.
ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ වෙනත් කිසිදු අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් මෙවැනි තොරතුරු ලබාගැනීමක් සිදුකර නොමැති අතර ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පමණක් මෙවැනි තීරණයක් ගැනීම ගැටලු සහගත බවය.
ප්‍රාදේශීය කාර්යාලවල එදින නිලධාරින්ගෙන් සියයට 95කට වැඩි පිරිසක් සේවයට වාර්තා කර නොමැති බව එම සංගමය වැඩිදුරටත් දැනුම්දී ඇත.
කෙසේවෙතත් ඇතැම් නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙසත්, තවත් පිරිසක් ප්‍රවාහන අපහසුතා නිසාත් සේවයට වාර්තා කර නොමැති බව ද එම සංගම් වැඩිදුරටත් දැනුම්දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |