සීතල නුවරඑළිය රත් කරමින් බිරිඳට වෙඩි තබා ඝාතනය කර සැමියාද වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගනී..!

Nuwara Eliya Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 08, 2023 04:32 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් අතර ඇති වුවේ යැයි කියන අරවුලක් සම්බන්ධයෙන් උරණ සැමියා බිරිදට වෙඩි තබා ඝාතනය කර සැමියාද නිවස තුල වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ඇන්ටන්දාස් (32) , නාදන් රිටා (32) නැමති අඹුසැමි යුවලක් බවත්, මිට මාස 08 පමණ ප්‍රථම දෙදෙනා විවාහ වි ඇති බව පොලිසිය විසින් සිදු කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.

නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි මියගිය අඹුසැමි යුවල සැමියාගේ මව සමග නිවසේ පදිංචිව සිටි බවත්, (07) දින රාත්‍රි 10.30 ට පමණ තම පුතා ලේලියට වෙඩි තැබිමත් සමග අසල්වාසින්ගේ උදව් ඉල්ලා මව නිවසින් පිටතට ගොස් නිවසට පැමිණෙන අවස්තාවේ සිය පුතාද හිසට වෙඩි තබාගෙන ජිවිතක්ෂයට පත් ව සිටි බවයි මියගිය ඇන්ටන්දාස්ගේ මව විසින් පොලිසිය ප්‍රකාශ කර ඇත.

දේශිය නිෂ්පාදනය කරන ලද ගල් කටාස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවත්, මිය ගිය අන්ටන්දාස් නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කල පුද්ගලයෙකු බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය කියා සිටියේ.

මියගිය දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නුවරඑලිය පොලිසිය පැවසිය. (හැටන් රංජිත් රාජපක්ෂ - උපුටාගැනීමක්)