ගමක් රත් කරමින් බීමතින් පැමිණි සැමියාව බිරිද ඝාතනය කරයි.!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 24, 2023 02:33 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

නුවරඑළිය පොලිසිය පවසන්නේ, නුවරඑළිය මාගස්තොට විජිතපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට සිය බිරිඳ විසින් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවයි.

මෙසේ පිහි ඇනුමෙන් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  වයස අවුරුදු තිස් දෙකක් වන බහිරදන් චන්ද්‍රසේකරන් නම් එක්දරු පියෙකි.

මොහොමඩ් නෞසර් ෆාතිමා රිස්වානා නම් 32 හැවිරිදි බිරිද පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරතව නිවසට  පැමිණෙන විට සිය ස්වාමිපුරුෂයා අධික ලෙස බීමතින් වයස අවුරුදු දෙකහමාරක් වයසැති ඔහුන්ගේ දියණිය සමග නිවසේ රැඳී සිට ඇත.

නුවරඑළිය පොලිසිය පැවසුවේ, රැකියාව අවසන් කර නිවසට පැමිණි බිරිඳ සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් උරණ වු බිරිඳ සිය සැමියාට මෙලෙස නිවස තුලදි තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඇති බවට සිදු කරන ලද මූලික පරීක්ෂණවලිදි අනාවරණය වි ඇති බවයි.

මෙම ඝාතනය ඊයේ (23) දින රාත්‍රි 11.30 ට පමණ සිදුවී ඇති අතර , සිද්ධිය දැනගත් ප්‍රදේශවාසීන් 1990 ගිලන්රථ සේවාවට දුරකථන ඇමතුමක් ලබාදී එම ස්ථානයට ගෙන්වා ගත් නමුත් ගිලන් රථය පැමිණෙන විටදී පිහි ඇනුමට ලක් ව තුවාල ලබා සිටි පුද්ගලයා නිවස තුලම මියගොස් ඇති බවට අනාවරණය වි තිබෙනවා.

මෙම බිහිසුණු අපරාධයෙන් අනතුරුව 119 හදිසි ඇමතුම් දුරකථන අංකයට ලද පැමිණිල්ලට අනුව නුවරඑළිය පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින්, පිහි ඇනුම සිදුකළ බවට සැකකරන මිය ගිය පුද්ගලයාගේ බිරිඳ නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑලිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානය පරීක්ෂණයෙන් අනතුරුව දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකාර බිරිඳ (25) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් , ඝාතනය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.