ශිෂ්‍යත්ව සමතුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..!

Ministry of Education Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Sri Lankan Schools
By Sewvandhi Feb 12, 2024 07:43 AM GMT
Report

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, 2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට දැන් යොමු කළ හැකි බවයි.

ඒ අනුව, 2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා 2024. 02. 13 දින සිට 2024. 02. 29 දින දක්වා මාර්ගගත ක්‍රමයට යොමු කිරීමට දැන් හැකියාව තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk  වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජු ව ම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතී.