සියලු විභගයන් ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..

Ministry of Education Parliament of Sri Lanka A D Susil Premajayantha Education
By Aruna Jan 24, 2024 06:36 AM GMT
Report

2025 වර්ෂය වන විට විභාග නිසි පරිදි පැවැත්වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

සියලු විභගයන් ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්.. | Notification From Education Minister Examinations

එමෙන්ම උසස් පෙළ විභාගය පෙබරවාරි පළමු වනදා අවසන් වන බවත් උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කරගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්ට හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට පසුගිය වසරේදී ලබාදුන් දීමනා ලබාදීම සඳහා තමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, එම කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

Sponsored By Sarrita Jewellery

සියලු විභගයන් ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්.. | Notification From Education Minister Examinations